අද (19) උදෑසන 9ට පමණ වැල්ලවත්තේ මහල් නිවාසයක 6 වැනි මහලෙන් ඇද වැටී තරණ කාන්තාවක් මිය ගොස් තිබේ.
වැල්ලවත්ත රුද්‍ර මාවතේ ලෑන්ඩ් මාර්ක් මහල් නිවාසයෙන් ඇද වැටී මෙසේ මිය ගොස් ඇත්තේ තිරිකම්බිකි සාරාංගනා නැමැති 26 හැවිරිදි කාන්තාවකි.
ඇය සිය දෙමව්පියන් සමග මෙම මහල් නිවාසයේ හයවැනි මහලේ නිවස ජීවත් වෙමින් සිට ඇත.
මූලික විමර්ශනවලින් මේ සිද්ධිය සිය දිවි නසාගැනීමක් බවට පෙනී ගොස් ඇතැයි විමර්ශන අංශ කියයි.
මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂය එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇති බවත්, පසුව ඇය යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සමග විවාහ ගිවිසගෙන සිටි බවත් විමර්ශනයේ දී හෙළි වී ඇත.
මිය ගිය කාන්තාව මෙම මහල් නිවසේ ස්වකීය දෙමව්පියන් සමග ජීවත් වෙමින් සිට ඇත. වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…