පාසල් සිසුන්ට නිල ඇඳුම් සහ සහල් චීනයෙන් !

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.

චයිනා එයිඩ් හරහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ පළමු නිල ඇඳුම් තොගය මේ වන විට ෂැංහායි නුවරින් නැව්ගත කර තිබේ. එම නිල ඇඳුම් තොගය රැගත් නෞකාව ලබන වසරේ ජනවාරි 6 වැනිදා වන විට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

මෙම නිල ඇඳුම් තොගයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අවශ්‍ය නිල ඇඳුම් වර්ග හතරක් ඇතුළත් වෙයි. එම රෙදි තොගයේ සම්පූර්ණ දිග මීටර් මිලියන 3.01කි. මෙම රෙදි තොගය පෙට්ටි 37692ක අසුරා ඇති අතර එය කන්ටේනර් 20කට ඇසුරුම් කර තිබේ.

ඒ වගේම චීනය විසින් ආධාර ලෙස ලංකාවට ලබාදීමට පොරාන්දු වූ සහල් මෙට්‍රික් ටොන් 10,000 ලබා දී අවසන් බව කොළඹ චීන තානාපති කාර්යාල පවසනවා.

ඒ අනුව එහි අවසන් කොටස වන සහල් මෙට්‍රික් ටොන් 1,000 සහිත බහාලුම් රැගත් නෞකාව ඊයේ (19) කොළඹ වරායට පැමිණි බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

එම සහල් තොගය මෙරට පාසල් 7,900 ක් ආවරණය වන පරිදි සිසුන් මිලියනයකගේ පෝෂණය අවශ්‍යතාවය වෙනුවෙන් බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago