බස් රථයක් පදවමින් සිටි රියැදුරෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
කොට්ටාව – පිළියන්දල 342 බස් මාර්ගයේ ධාවනය වන මෙම බස් රථය අද (20) අළුයම 5.45 පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා කොට්ටාව බස් නැවතුම්පළට යමින් සිටියදී එහි රියැදුරුට මත්තේගොඩ ප්‍රදේශයේදී හෘදයාබාධ තත්ත්වයක් ඇති වී තිබෙයි.
ඉන් පසුව ඔහුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද නිවසක තාප්පයක් කඩා ගෙන ගොස් නැවතී තිබෙයි
බස් රථයේ රැඳී සිටි කොන්දොස්තරවරයා රියදුරු අසුන අසළට යනවාත් සමඟම රියදුරුට හෘදයාබාධයක් සෑදී අසාධ්‍යව සිටිනු දැක ඇත.
අපසුව ඒ බව බස් රථ හිමිකරු දැනුවත් කොට 1990 ගිලන් රථයක් ගෙන්වා රියැදුරු රෝහල් ගත කිරීමට යාමේදී ගිලන් රථ සේවකයින් පවසා ඇත්තේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…