නව දේශපාලන බලවේගයක් පිහිටුවන්න මන්ත්‍රී පාඨලී සැරසෙයි !

රටට අවශ්‍ය වන්නේ රටේ තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සන්ධානගත වීම ඒ ඒ දේශපාලන පක්ෂවල අයිතියක් වන නමුත්, ඇති වූ අරගලය සහ රට මුහුණ පා තිබෙන බංකොලොත්භාවයෙන් පෙන්නුම් කරන්නේ නව දේශපාලන බලවේගයක අවශ්‍යතාවය බවයි.

රණවක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

“ඇත්තටම මේ රටට දැන් ඕනේ විකල්පයක්. සන්ධානගත වීම හොඳයි. ඒ ඒ පක්ෂවල තියෙන අයිතියක්. නමුත් මේ පසුගිය අරගලයෙන් සහ මේ රට අද මුහුණපාලා තියෙන මේ බංකොලොත්භාවයෙන් පෙන්නලා තියෙන්නේ නම්, මේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කරන්න නව දේශපාලන බලවේගයක්, නව දේශපාලන සන්ධානයක්, විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ඕනයි කියන එක. හැබැයි ලංකාවේ බොහෝ විට මේ පළාත් පාලන මැතිවරණ කියන ඒවා එහෙම ජාතික දේශපාලනික අදහස් වලට ගොනු වෙන ඒවා නෙමෙයි. ඒවා බොහෝ දුරට ඒ ඒ ප්‍රාදේශීය අවශ්‍යතා හා දේශපාලන පක්ෂ මත ක්‍රියාත්මක වෙන දේවල්. පොදුවේ ගත්තම ශ්‍රී ලංකා දේශපාලනයට අද අවශ්‍යවෙලා තියෙන්නේ පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදායයක්. ඒ දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමයි අපි නම් කැප වෙන්නේ.“

“අපි තාම එහෙම සන්ධානයකට සම්බන්ධ වෙලා නෑ. අපිට එහෙම ආරාධනාවක් ලැබිලත් නෑ. ඉතින් ඉදිරි කාලේ බලමු එන තත්ත්වයත් එක්ක. තාම ඡන්දයක් ප්‍රකාශයට පත් වෙලා නෑනේ.” යැයි චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසුවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago