ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රේක්ෂකයින්ට වාසියක් !

LPL තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්‍රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහා ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇති.

දින 11ක් පුරා පැවති තරග 20කින් පසු ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කැන්ඩි ෆැල්කන්ස්, ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් සුදුසුකම් ලබාත්තේය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතරයි.

තරගය අද (21) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

LPL තරගාවලියේ එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.

මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායම අවසන් පූර්ව වටයේ දෙවන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ දෙසැම්බර් 22 වනදා ක්‍රීඩා කරනු ඇත.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, අවසන් මහා තරගය දෙසැම්බර් 23 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago