පාසල් ළමුන් ඉලක්ක කොට අයිස් මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයින් දෙදෙනෙක් STF අත්අඩංගුවට !

වැල්ලම්පිටිය, කොටිකාවත්ත මංසන්දියෙන් කොහිලවත්තට හැරෙන ස්ථානයේ දී පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලවි කිරිමට අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තියෙනවා.

බ්‍රැන්ඩියා වත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම සැකකරු වයස අවුරුදු 40ක අයෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ, සැකකරු සමඟ අයිස් ග්‍රෑම් 09යි, මිලි ග්‍රෑම් 430ක් සහ ත්‍රිරෝද රථයක් ද ඊයේ (21) සිය භාරයට ගත් බවයි.

පසුව එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, ඊයේ (21) කිලිනොච්චිය, සෙබසියාර් පාර ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01යි, ග්‍රෑම් 130ක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තියෙනවා.

සැකකරු කිලිනොච්චිය, භාරතීපුරම්, ප්‍රදේශයේ පදිංචි වයස 36ක අයෙක්.

එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago