මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවෙකු ඊයේ (21දා) අනුරාධපුර පූජා නගරයේදී වනඅලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ තිසාවැව,නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් (අවු.17) නමැති පාසල් සිසුවෙකි.
වී වෙළෙඳාම් කටයුතුවල නිරත වන ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරුපැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී ඊයේ (21දා) අලුයම 4:45ට පමණ එල්ල වූ වනඅලි ප්‍රහාරයෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බවත්, තිසාවැව දේවානම්පියතිස්සපුර පල්ලිය අසලින් දිවෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පොල් පැළයක් කා දමමින් සිටි වනඅලියෙකු දැක පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ අතහැර දමා නැවත පැමිණි දිසාවටම දිව යන අවස්ථාවේදී මීටර 100ක් පමණ දුරින් සිටි වෙනත් වනඅලියෙකු සිසුවාට පහරදී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම පාසල් සිසුවා මෙවර ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව 12 ශ්‍රේණිය සඳහා පාසලට ඇතුළු වීමට අයදුම්පත්‍ර භාර දීමට අනුරාධපුර, සහිරා විද්‍යාලයට යාමට සූදානම්ව සිටියදී ඊයේ (21දා) අලුයම වනඅලි පහරකෑමට ලක්වූ බව ඥාතීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…