කොටස් වශයෙන් ආනයනය කර එකලස් කරන ලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගෙන තිබෙන බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කළා.
පොලීසියට ලද තොරතුරක් මත කරන ලද මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස එකලස් කොට ඇති යතුරු පැදි මෙරට සාමාන්‍ය ජනතාවට පරිහරණය කිරීමට අවසර නොමැති ඇන්ජින් ධාරිතාවය 1,000 CC ප්‍රමාණයේ ඒවා බවයි පොලීසිය පැවසුවේ.
මෙම යතුරු පැදි අතර BMW වර්ගයේ යතුරුපැදි තුනක් සහ ඩුකාටි වර්ගයේ යතුරුපැදි තුනක් වන බවත් මින් යතුරු පැදි පහක් එක් පුද්ගලයකු සතුව සහ එක් යතුරු පැදියක් අනෙක් පුද්ගලයා සතුවත් තිබී අත් අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…