සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සහ එම අමාත්‍යාංශ නිලධාරීන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට විනාඩි 30ක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලී විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී ඊයේ පැවති මෙම හමුවේදී දකුණු කොරියාවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීය.
“නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ආරම්භ කිරීමට ප්‍රමාද වීම හොඳ සලකුණක් නෙවෙයි. තම පොරොන්දු ඉටු කරන්න, වෙලාවට වැඩ කරන්න ඇමතිවරුන් පුරුදු වෙන්න ඕනෙ. දකුණු කොරියාවෙ මෙහෙම වුණානම් මේ ගැන ප්‍රශ්ණ කරලා විනය පියවර ගන්නවා. මේ වගේ ඇමැතිවරු හමුවෙලා පලක් නෑ. රැස්වීමක් නිශ්චිත වේලාවකට සැලසුම් කරලා තියෙනවනම්, ඒක ඒ වෙලාවෙම පටන් ගන්න ඕනෙ. එහෙම කරන්න බැරිනම් එහෙම පුද්ගලයො හමුවෙලා වැඩක් නෑ. ලංකාවේ බොරු කීම, පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා, ඒක එයාලගේ සංස්කෘතියේ කොටසක් වෙලා. රටක් විදියට පිටරටකයෙක්ගෙන් මේ වගේ දේවල් අහන්න ම ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ පුරුද්ද වෙනස් කරන්න බැරි නම්. විදේශිකයන් සමඟ සබඳතා ඇති කරගන්න බෑ. ජනතාව දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. ඒවා ඉටු කිරීමට කිසිදා අමතක නොකළ යුතුයි. ජීවිතය ගියත් පොරොන්දු ඉටු කළ යුතුයි. ඇමැතිවරු වුණත් එහෙම කරන්න ඕන. එහෙම නොවුණොත් මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ. ජනතාව බොරු කියන්න එපා.” යැයි දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලී මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…