බීමතින් බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට වැදී එහිදීත් මත් පැන් පානය කර සමාජ ශාලාව තුළ පොලිස් පාට් දැමීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 08 දෙනෙක් සමාජ ශාලාවේ ආරක්ෂකයින්ගන් බරපතල පහර කෑමකට ලක් වීමේ සිද්ධියක් වාර්තා වේ.
ස්ථාන මාරුවක් ලබා ගන්නා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වෙනුවෙන් පසුගිය දා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ සාදයකදී බීමත් වූ මෙම පොලිස් කණ්ඩායම ඒ ගැම්මෙන්ම මෙම රාත්‍රී සමාජ ශාලාව වෙත ගොස් ඇතැයි හෙළි වී ඇත.
පොලිස් පරීක්ෂ්කවරුන්, සහකාර පොලිස් පරීක්ෂකරුන් සහිත කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම පොලිස් කණ්ඩායම රාත්‍රී සමාජ ශාලාව තුළ ගැටුම ඇතිකරගෙන බඩ කට පිරෙන්නට ගුටි කෑ පසු ඉන් නිලධාරීන් දෙදෙනෙක් කැලණිය ප්‍රදේශයේ දී යතුරු පැදි අනතුරක් සිදුවූ බව කියමින් රෝහල්ගත වී තිබේ.
කෙසේ වෙතත් මේ ගැටුම සම්බන්ධව බම්බලපිටියේ රාත්‍රි සමාජශාලාවෙන් බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ල සටහන් කරගැනීමට කටයුතු කර නැති බව වාර්තා වේ.
පොලිස් දෙපාර්තමේන්තුවටත් අපහාසයක් වූ මෙම සිද්ධිය සම්බන්ධව සම්පූර්ණ බුද්ධි වාර්තාවක් මේ වනවිට පොලිස්පතිවරයා වෙත ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.
සිද්ධිය ගොඩින් බේරාගැනීමට පාර්ශව කීපයක් දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…