මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යට වෙයි – දුම්රිය ධාවනයට බාධා (PHOTOS)

මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි නානුඔය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා මතුවී තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය පිළිමතලාව දක්වා පමණක් සීමා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති වේ.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර්. 40-50 ක වේගයෙන් සුළං හමන අතර ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ද ඇති වන බව අවධාරණය කෙරේ ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල, නිරිතදිග බෙංගොල බොක්ක මුහුදු ප්‍රදේශවල (06N – 14N, 78E – 85E) නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවේ.

මේ තත්ත්වය හෙට දිනයේ ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago