කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන මහතාට බීමත් ප්‍රේක්ෂකයෙකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කොට්ටාව පොලිසිය පවසනවා.
නත්තල් උදාව සමරමින් ඉකුත් 24 වනදා රාත්‍රී කොට්ටාව නගර මධ්‍යයේදී සුප්‍රසිද්ධ වාද්‍ය වෘන්දයක සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා.
ඒ සදහා ආරාධනා ලැබ පැමිණ සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉදුනිල් අන්ද්‍රමාන මහතා නිවේදකයාගේ ආරාධනයෙන් වේදිකාවට පැමිණ ප්රේක්ෂකෙන් අමතා වචන කිහිපයක් කථා කොට ගීතයක් ගායනා කිරීමට සූදානම් වනවාත් සමඟම ප්‍රේක්ෂකන් අතර සිටි පුද්ගලයකු ගල් ප්‍රහාරයක් වේදිකාව දෙසට එල්ල කර ඇතැයි පැවසෙනවා.
එම ගල් ප්‍රහාරය වේදිකාව ඉදිරිපිට රැඳී සිටි ගායන ශිල්පි ඉඳුනිල් අන්ද්‍රමාන මහතාගේ වම් ඇස අසල නළල ප්‍රදේශයේ වැදී තුවාල සිදුව තිබූ අතර පසුව ඔහු සංවිධායකයන්ගේ මැදිහත්වීමෙන් පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇති බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…