මහනුවර යටවූ හේතුව නගරාධිපතිවරයා හෙළි කරයි !

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ ආයතන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර ගඟවටකෝරළය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද සහභාගී විය.

එසේම පවතින තත්ත්වය ගැන විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පැවසුවේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය ගලා බැසීමට තිබෙන කාණු පද්ධතිය සහ ඇළ මාර්ග අවහිර වී ඇති බවය.

“හැමවෙලේම මෙවැනි විපත්තියක් වුණාම මහනුවර නගරසභාවට තමා ඇඟිල්ල දික්වෙන්නේ. හැබැයි ඇතැම් අය විසින් නගරසභාවේ කිසිදු අවසරයක් නැතුව හදලා තියෙන ගොඩනැගිලි සහ කඩසාප්පු දාගෙන ඉන්න එකෙන් තමයි ජලය ගලා බසින්න තිබෙන ඇළවල් බෝක්කු තිබුණ ප්‍රමාණයට වඩා අඩුවෙලා තියෙන්නේ. මේක තමා ප්‍රධාන හේතුව ජල ගැල්මට. ඒ නිසා මහනුවර නගරසබාව වශයෙන් අනාගතයේ දී මේ අනවසර ඒවා හඳුනාගෙන එවා ඉවත් කරලා ජලය බැස යන්නට තිබුණු කානු පද්ධතිය සහ ඇලවල් පුළුල් කිරීමට තමයි අපි අදහස් කරන්නේ. “

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර ගඟවට කෝරළය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ මහනුවර නගරයේ ජල ගැලීම් මඩපැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්දයෙන් නිවැරදි සැලසුම් සැකසීමට කටයුතු කරන බවය.

“විටින් විට මහනුවර ට වර්ෂාපතනය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා LRDC එකත් ගෙනැල්ලා ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවරු සහ නගරසභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකාබද්ධව මහනුවර නගරය ආශ්‍රීතව මේ ජල ගැලීම් තත්ත්වය මඩපැවැත්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා සැලසුම් කරන්න.”

මේ අතර හදිසි ජල ගැලීමෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාප්පයක් කැඩී ජල පහර එහි ගොඩනැගිලි තුළට ඇතුල් වී තිබේ.

එම අවස්ථාවේ එහි තිබූ ලිපිගොනු පිටතට රැගෙන යාමට සේවකයින් පියවර ගෙන තිබූණි.

කෙසේවෙතත් ඊයේ (25) ඇතිවූ ජල ගැලීමෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගබඩා කර තිබූ පෙළපොත්, විභාග ප්‍රශ්නපත්‍ර, පෞද්ගලික ලිපිගොනු සහ පරිගණක 50 කට පමණ හානි වී ඇත.

එම පරිශ්‍රය පිරිසිදු කිරීමට එහි සේවකයින් අද (26) පියවර ගෙන තිබුණි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago