සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට පහර දීමේ සිද්ධියට අදාල සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
දෙසැම්බර් 14 වෙනිදා, නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඩිලාන් ගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ඩිලාන්ට පහරදී තිබිණ. එහිදී තුවාල ලැබූ ඩිලාන් සේනානායක කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබිය.
එම පහරදීමෙන් ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුව තිබිණ.
මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පසුගිය සමයේ ගෝල්ෆේස් අරගල භුමියේ ක්‍රියාකාරිව සිටි අයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ, තමා තරුණියක් සමග අරගල භූමියේ සිටියදී කිසියම් පිරිසක් තරුණියට උසුළු විසුළු කල බවත්, එම පිරිස අතර සිටි
ඩිලාන් සේනානායක තමන්ට පහරදුන් බවත්ය. එයට පලිගැනීමක් ලෙස පසුගියදා ඔහු සිටින තැනක් සොයාගොස් පහරදුන් බව ඔහු පිළිගෙන ඇත.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඩිලාන් සේනානායක පැවසුයේ, තමා කිසිඳු විටෙක තරුණියකට උසුළු විසුළු නොකළ බවත්, එවැනි පහරදීමක් හෝ එවැනි ගැටුමක් සිදු නොවූ බවත්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…