අඟුලාන පොලීසිය උණුසුම් වෙයි !

පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගේ ඥාතීන් යැයි කියා ගන්නා පිරිසක් අඟුලාන පොලීසියට කඩාවැදීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ පොලිසියේ ආරක්ෂාව තර කිරීමට අවට පොලිස් ස්ථානවලින් ද පිරිස් ඊයේ රාත්‍රියේ කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගෙන සිටි ‘ජොන්ටියා’ සහ ‘කලයා’ නැමැති සැකකරුවන් දෙදෙනාගේ ඥාතීන් යැයි කියා ගන්නා පිරිසක් පොලිසියට පැමිණ සැකකරුවන් රැගෙන ගොස් ඇති අතර, පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනාට පහර දුන් බව කියමින් ඔවුන් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඥාතීන් විසින් එලෙස රැගෙන යනු ලැබූ සැකකරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක් හේතුවෙන් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර, පසුව ඔවුන් එම සිද්ධිය සමතයකට පත්කර ගැනීම සඳහා අඟුලාන පොලීසිය වෙත පැමිණ තිබෙනවා.

එහිදී අඟුලාන පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ගේ ඥාතීන් පිරිසක් පැමිණ සැකකරුවන් රැගෙන යාමට කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය අතරතුර එක් පොලිස් නිලධාරීයෙකුටද තුවාල සිදුව තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago