අලුත් අවුරුද්දේ අමාත්‍යංශවල පුටු මාරුවක් !

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා ඇතුළුව අමාත්‍යාංශ 8ක ලේකම් ධූර සංශෝධනය කර, තවත් අමාත්‍යාංශ තුනක ලේකම්වරුන්ගේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා ‍ලෙස කටයුතු කළ එම්.එම්.පී.කේ. මායාදුන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්කර ඇත.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්. එම්.එන්.බී. හපුහින්න රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

මීට අමතරව, යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් කටයුතු කළ එම්. යමුනා පෙරේරා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එම්.එම්. නයිමුදීන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත්කර තිබේ.

එසේ ම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී. ගුණතිලක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ.එම්.පී.එම්.බී. අතපත්තු වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ නැවත වසරක කාලයක් සඳහා එම ධූරයන්ට පත්කර ඇත.

2023 ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදුකර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago