තව දවස් 3කින් රාජ්‍ය සේවයේ තිස්දහසක් විශ්‍රාම ගන්වයි !

මේ වසරේ දෙසැම්බර් 31 දිනට විශ්‍රාම ගන්වන රාජ්‍ය සේවකයන්ගෙන් පුරප්පාඩු වන සියලු තනතුරු සඳහා යළි බඳවා ගැනීමක් සිදුනොවනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

දෙපාර්තමේන්තු, රාජ්‍ය, සංස්ථා ඇතුළු රාජ්‍ය අංශයේ‍ සියලු ව්‍යවස්ථාපිත ආයතන නියෝජනය වන පරිදි දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සේවකයන් තිස්දහසක් විශ්‍රාම ගැන්වීමට නියමිත බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළා.

රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම් නතර කරන ලෙසට චක්‍රලේඛයක් මගින් දැනුම් දී නොමැති නමුත් විශ්‍රාම යන පිරිසෙන් ඇතිවන සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කළා.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතිවන සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව පැවසූ වක්කුඹුර මහතා මුදල් අමාත්‍යාංශයේ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙන ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදුකරන බවද කියා සිටියා.

2020දී පැවැත්වූ තරග විභාගයකින් ලකුණු 100ට වඩා ලබාගත් 1,400කට කාර්යාල කාර්ය සහායක පත්වීම් ලබා දීමට කටයුතු කරගෙන යන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මෙම වසර අවසානයේදී රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් රාජ්‍ය සේවකයන් තුලනය කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ඇතුළත් වනවා.

වයස අවුරුදු 60 සම්පූර්ණ කරන රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාමේදී ඇතිවන පුරප්පාඩු පිළිබඳව මෙම කමිටුව අවධානය යොමු කර බඳවා ගැනීම් සිදුකිරීමේදී ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත යි.

කමිටුව ලබාදෙන නිර්දේශ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago