මෛත්‍රීගේ ශ්‍රිලනිපය තනිවෙයි !

මැතිවරණවල දීමෙන්ම ඉදිරි දේශපාලන කටයුතුල දී එක්ව කටයුතු කිරිම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ සහ නායකයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන සන්ධාන තුනක් පිහිටුවීමට කටයුතු කර ඇතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකතක්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒ එකදු සංධානයකටවත් මේ වනතුරු එක් වී නැති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ජනාධිපති ප්‍රමුඛ එජාපය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ තවත් සුලු ජාතික පක්ෂ කීපයක් සමගත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඩලස් අලපහ්පේරුම කණ්ඩායම සහ තවත් පක්ෂ කීපයක් සමගත්, අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය පක්ෂ කීපයක් සහ බහුජන සංවිධාන සමගත් සංධානගත වීමට පියවර ගෙන ඇත.

ඒ අතර මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ගොඩනගන සන්ධාන සමග එක්වීමට ඔවුන් සමග වෙන වෙනම සාකච්ඡා කර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
එහෙත් මේ වනතෙක් ඉහත කිසිම සන්ධානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් කරගෙන නැත්තේ අඩු මන්ත්‍රි පිරිසක් සිටිය දී ඔවුන් ඉදිරිපත් කරන වැඩි කොන්දේසි නිසා බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් සහ සජිත් පාර්ශව සමග පැවති සාකච්ඡාවල දි තම පක්ෂයට සම අපේක්ෂක සංඛ්‍යාවක් අතුලු තවත් ඉල්ලීම් රැසක් ඉල්ලා ඇතැයි ඉහත ආරංචි මාර්ග හෙළි කරයි.
කෙසේ වෙතත් කිසිම සන්ධානයක් මේ ඉල්ලීම් මෙතෙක් පිළිගෙන නැති බව දැනගන්නට ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago