අදර්ශා – බුද්ධිකගේ හඬපටයේ ඇත්ත !

ආශු මාරසිංහ සුනඛයකුට ලිංගික අතවර කළැයි හිරුණිකා සමග මාධ්‍යයට හෙළි කළ ආදර්ශා කරදන බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සමග කළැයි කියන ශුංගාරාත්මක සංවාදයක හඬපටයක් මේ වන විට සමාජමාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වේ.

‘‘බුද්ධික පතිරණ සමග ආදර්ශා සැමරූ නත්තල් පාටිය’’ යන සිරස්තලයෙන් යුතුව හුවමාරුවන මෙම හඬපටය සම්බන්ධයෙන් අදහස් දක්වන බුද්ධික පතිරණ පවසන්නේ මෙම හඬ පටය 2019 වර්ශයේ සිට වරින්වර කරළියට එන බවයි.

2018 වර්ෂයේදී බුද්ධික කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යවරයාව සිටි අවධියේදී ආදර්ශා සේවය කළ විශ්වාසනීය හඬක් පදනම (Trusted Voice Fundation) සමග බුද්ධිකගේ සමාධි පදනම එක්ව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට ආදර්ශලා 2018.12.25 වැනි දින මාතරට ගොස් ඇත. මෙම දුරකථන සංවාදය සිදුවී ඇත්තේ එහිදීය. බුද්ධික පවසන්නේ මෙහිදී ඔහු ආදර්ශලාගේ කෑම බීමවලට සමාධි පදනමෙන් ගෙවීම් කරන නමුත් මත්පැන් සඳහා ගෙවීම් නොකරන බව පැවසූ බවයි.

කෙසේ වෙතත් අවසානයේදී ආදර්ශලාගේ ප්‍රතිපත්ති සමග ඇති වූ නොගැළපීමක් නිසා සමාධි පදනම අදර්ශලා සමග එකඟතා ගිවිසුම අත්සන් නොකළ බවත් ඉන් පසු මෙම හඬපටය අන්තර්ජලයට මුදා හැර ඇති බවත් බුද්ධික කියයි.

‘‘ඊට පස්සේ 2019 ජනාධිපතිවරණය අවධියේ ඕක තුන්පාරක් විතර උඩට ආවා. ඒ වගේම 2020 මහා මැතිවරණයේදීත් ඒ කියන්නේ මගේ ඡන්දෙට මාසෙකට විතර කලින් ඕක අයිත් පාරක් උඩට ආවා. ඔය විදිහට දැන් 6 පාරක් විතර ඕක වරින් වර උඩට එනවා යටට යනවා. ඒ දවස්වල අපිට මඩ ගහන්න ඕක පාවිච්චි කරපු අය දැන් ආදර්ශාට මඩ ගහන්න හිතලා ඕක පාවිච්චි කරන බවක් තමයි දැන් පේන්න තියෙන්නේ. කොහොම නමුත් කියන්න ඕන ඔය හඬපටය නිසා පසුගිය මහා මැතිවරණයේදී මත්ද්‍රව්‍ය නිවාරණ සංවිධානවලින් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ අය මට පොස්ටර්, ලීෆ්ලට් වගේ දේවල් නොමිලේ මුද්‍රණය කරලා දෙන්න පවා මේ හඬපටය හේතුවක් වෙලා තිබුණා.’’ බුද්ධික පතිරණ තරුණ මන්ත්‍රිවරයා හඬපටයෙන් ලැබුණු වාසි ගැන මතක් කළේ ඒ දේ කළ සියලු දෙනාට ස්තූති පූර්වක වෙමිනි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago