රජයේ තනතුරු දරන බවට හැඳුනුම්පත් සකසා පුද්ගලයන් රට පන්නන ජාවාරමක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිදු කරගෙන යන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම ජාවාරම සිදු කර ගෙන යන බවත් දැනට පුද්ගලයන් හතළිහක් පමණ විවිධ රටවල්වලට පිටත් කර ඇති බව ත් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියි.
ඒ අනුව, ඉදිරියේදී මීට අදාළ පුද්ගලයන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල ඡායාරූප පිටපත් සහ රටවල් මොනවා ද යන්න හෙළි කරන බව ඔහු පවසයි.
වසන්ත සමරසිංහ පවසන්නේ, එක් පුද්ගලයකුගෙන් මේ සඳහා රුපියල් ලක්ෂ 30ත් 45ත් අතර මුදලක් අය කරන අතර එක් මන්ත්‍රීවරයෙකුගේ නමින් මෙම හැඳුනුම්පත සකසා ඇති බවයි.
අදාළ මන්ත්‍රීවරයා එම අදාළ පුද්ගලයා රටට රැගෙන ගොස් දිනකින් පසු මන්ත්‍රීවරයා පසු දින මෙරටට පැමිණෙන බව ද සමරසිංහ සඳහන් කරයි.
දැනට බ්‍රසීලය, කොරියාව, ජපානය වැනි රටවල්වලට මෙසේ පුද්ගලයන් පිටත් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ලෙස මෙසේ හැඳුනුම්පත් සකසා මේ සිදු කරන ජාවාරමෙන් ලාංකේය ශ්‍රමිකයන්ට පිටරට යාමට තිබෙන අවස්ථාව අහිමි කරනවා පමණක් නොව මෙමගින් මෙරට කෙරේ ඇති කීර්තිය පළුදු වන බවත් වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.
ඉදිරියේදී මේ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…