සංචාරකයන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස් රථ 04ක් එහි රියදුරන්ට සහ සේවකයින්ට පහර දී පැහැරගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ලීසිං ආයතන විසින් මෙහෙයවනු ලබන සීසර්වරුන් විසින් මෙලෙස බස් රථ පැහැරගෙන ගොස් ඇති බවයි එම සංගමයේ සභාපති නීල් ජයතිස්ස ප්‍රකාශ කළේ.
පහර දීමෙන් රියදුරන් කීපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද, ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථාන වෙත පසුගිය දා දැනුම් දුන්නේ කල් බදු හෝ මූල්‍ය සමාගම් මඟින් වාහන අත්පත්කර ගැනීමේදී එහි හිමිකරු විරෝධය දක්වන්නේ නම් අදාළ සමාගම් දිසා අධිකරණයේ නඩු පවරා වාහන අත්පත් කර ගැනීමට නෛතිකව පියවර ගත යුතු බවටයි.
එවන් පසුබිමක ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ එම සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන්ට මරණ තර්ජන එල්ලකරන බවට පවසමින්.
පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව, ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
BlA bl