මියන්මාරයේ හිටපු අගමැතිනී අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 07 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ අනුව විවිධ අපරාධ 19 කට අවුන් සාන් සුකී වරදකාරිය බව තීරණය කරමින් එරට හමුදා අධිකරණය සම්පූර්ණ වසර 33 ක සිර දඬුවමක් ඇයට ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මාස 18 ක කාලයක් අපරාධ චෝදනා 19 ක් සම්බන්ධයෙන් එරට හමුදා අධිකරණයේ නඩු විභාගය පැවැත්වුන අතර අවසන් අපරාධ චෝදනා 5 සඳහා සුකී වරදකාරිය කරමින් මෙසේ වසර 7 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මීට පෙර අපරාධ චෝදනා 14ක් සඳහා සුකී වරදකාරිය කරමින් හමුදා අධිකරණය වසර 26 ක සිර දඬුවමක් ලබා දී තිබුණා.
නඩු විභාගය ජනතාවට සහ මාධ්‍ය වෙත විවෘත නොවූ අතර නීතිඥයන්ට නඩු විභාගය පිළිබඳ අදහස් දැක්වීමද හමුදා අධිකරණය තහනම් කළා.
කෙසේ වෙතත් තමන්ට එල්ල වූ අපරාධ චෝදනා සියල්ලටම නිවැරදිකාරිය බව අවුන් සාන් සුකී පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…