RMV රථගාල පාතාල කණ්ඩායමක් අතට !

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබෙනවා.

පාතාල සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් යොදා ගනිමින් රථගාල පවත්වාගෙන යන බවත් මොවුන් කිසිදු බාධාවකින් තොරව වසර ගණනාවක සිට මෙය පවත්වාගෙන ගියද එහි ආදායමෙන් කිසිදු මුදලක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොදෙන බවද එම නිලධාරියා සඳහන් කර තිබෙන බව වාර්තා කරනවා.

අදාල මැර කණ්ඩායම යතුරුපැදියක් ගාල්කිරීමට රුපියල් 120 ක්, ත්‍රීරෝද රථයක් ගාල්කිරීමට රුපියල් 200 ක් සහ මෝටර් රථක් ගාල්කිරීමට රුපියල් 300 ක් ලෙස ගාස්තු අයකරමින් දෛනිකව රුපියල් ලක්ෂ ගණනක ආදායමක් උපයන බවත් මෙම ජාවාරම පවත්වාගෙන යාමට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලකයන් කිහිදෙනකුගේ සහ ප්‍රදේශයේ ආරක්ෂක අංශවල අනුග්‍රහය නොඅඩුව ලැබෙන බවත් එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරණ සමයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී ඔහු සඳහන් කළේ සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago