තමන්ගෙ කේන්දරයෙ කොපියක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය තිස් වනදා පොලිස් මූලස්ථානයේදී පැවති උත්සවයකදි ඔහු පැවසුවේ තමන් පොලිස්පති ධුරයේ සේවා දිගුවක් ලැබෙනවා ද නැද්ද යන්න දැන ගැනීමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා තම කේන්දර කොපිය ගෙනගොස් කක්ෂත්රකරුවන් වෙත පෙන්වා ඇති බවයි.
මේ ආකාරයේ ලැජ්ජා සහගත සිදුවීම් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව අවමානයට පත් වන බව පැවසූ ඔහු මෙම සියලු කරුණු දෙස උපේක්ෂා සහගතව බලා සිටින තමන් තුළ සැඟවී සිටින යක්ෂයා අවදි කර නොගන්නැයිද ඉල්ලා සිටියේය.
පොලිස්පති ධුරයට නිලධාරියෙකු පත්වන නිසි ක්‍රමවේදයක් සහ පිළිගත් ගෞරවpනීය ක්‍රමයක් සම්ප්රදායක් ඇති බවද පැවසූ පොලිස්පතිවරයා පොලිස්පති ධුරය ඉතා ගෞරවණීය ධුරයක් බවත් එය දේශපාලනයෙන් හෝ බලහත්කාරයෙන් අත්පත් කර ගත නොහැකි බව ද පැවසීය.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනකු විශ්‍රාම යාම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයක් අමතමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…