පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඊයේ (02)පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත.
අදාළ ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ නොවන බව ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කරමින් අතරමැදි ශ්‍රේණිවලට පාසල් මාරු කිරීමට අවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතය.
ඒ අනුව දැනට පවතින 1 – 5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6 – 11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් ගණන 45ක් ලෙසත් නව ක්‍රමවේදය යටතේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට නියමිතය.
මෙයට අදාළ චක්‍රලේඛය නොබෝ දිනකින් නිකුත් කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…