පළමු T20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 2ක තියුණු ජයක් !

ඉන්දියාවේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා පලමු පන්දුවාර විස්ස තරගයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම සතුවුනා.

අතිශයින් උණුසුම් අවසානයක් කරා රැගෙන ගිය මෙම තරගයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු හතරක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර පන්දුවට පහර දුන් චාමික කරුණාරත්න ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයක් අත්කර ගන්නට සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලුු පහකට ලකුණු 162ක් ලබාගත් අතර පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කර ගත්තේ ලකුණු 160ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 27 කදී ලකුණු 45 ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 28 සහ චාමික කරුණාරත්න පන්දු 16කදී නොදැවී ලකුණු 23ක්ක් රැස් කරගත්තා.

අද දිනයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු වාර 20 වරම් ලැබූ ශිවම් මාවී පන්දු ඕවර හතරක් යවමින් ලකුණු 22 කට කඩුලු 4ක් දවා ගැනීම විශේෂ සිදුවීමක්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago