අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළායාමේ සිද්ධිය මෙරට බුද්ධි අංශවල පසුබෑමක් ද යන්න සැක මතු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කංජිපානි ඉම්රාන් මේ වන විට ඉන්දියාවට පළාගොස් ඇති අතර ඔහු ඉන්දියාවට පළා යාමේ සිද්ධිය මෙරට ආරක්ෂක අංශ නොදැනුවත්ව සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී විමසා සිටියේය.
එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.
“ලංකාවෙන් පිටව ගිය කංජිපානි ඉම්රාන් ගැන ප්‍රශ්නයක්. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණේ නෑ. අපි දැනුවත් නෑ. එය බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ද කියන ප්රශ්නය ඒ අංශයෙන් තමා විමසන්න ඕනේ. ඒ පිළිබඳ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරු විසින් පිළිතුරක් දෙයි. සාමාන්‍යයෙන් අපේ බුද්ධි අංශයේ පසුබෑමක් තිබුණා ද කියන ප්රශ්නය තිබෙනවා. මොකද ඉන්දීය බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු ඉදිරිපත් කරන කල් අපේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒවා ක්‍රමයෙන් නිවැරදි කරගෙන යන එක තමා මගේ දැනීම.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…