මැස්සෙකුගෙන් බෝවන චර්ම රෝගයක් යලි හිස ඔසවයි !

වැලිමැස්සාගෙන් බෝවන ලීෂ්මේනියාසිස් රෝගය යලි දිවයින පුරා හිස ඔසවමින් පවතින අතර වියලි කලාපවල මේ තත්ත්වය වඩාත් වර්ධනය වෙමින් තිබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක පවසනවා.

ඌව පළාතේ මෙම මැස්සා හා ඒ ආශ්‍රිතව බෝවන රෝගය පැතිරයාම පිළිබදව පර්යේෂණයට පැමිණ සිටියදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මෙම රෝගය ආසාධනය වූ විට එය කුරුලෑවක් වැනි කුඩා බිබිලක් ලෙස පෙන්නුම් කරන අතර එය ක්‍රමයෙන් වර්ධනය වී තුවාලයක් බවට පත් වන බවත් එමගින් කිසිම වේදනාවක් නොදැනීම මෙන්ම කැසීමක් ද සිදු නොවීම විශේෂත්වයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

මේ හේතුවෙන් වැඩිපුරම හමේ තුවාල දකින්නට ලැබෙන්නේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල වන අතර මුහුණ, අත් සහ කකුල් ඒ අතර විශේෂයි.

එමෙන්ම උඩු කය නිරාවරණය කරගෙන වැඩ කරන පුද්ගලයන්ගේ පිට ප්‍රදේශයේ ද මෙම තුවාල දක්නට ලැබෙන බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක සඳහන් කළේ මෙම රෝග ලක්ෂණ පවතින්නේනම් හැකි ඉක්මණින් චර්ම රෝග විශේෂඥ සානයකයකට යොමු විය යුතු බවටයි.

එමෙන්ම මාස කිහිපයක් හෝ වසර කිහිපයක් මෙම තුවාල පැවතීමේ හැකියාව ද පවතින බවයි පැවසෙන්නේ.

මෙම රෝගය හේතුවෙන් අභ්‍යන්තර අවයවවලට හානි ගෙන දිය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන ලෙස කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago