අනියම් සම්බන්ධයකින් අලුත උපන් බිළිදාව සිය නිවස පිටුපස පණ පිටින් වළ දමා ඝාතනය කළ තිදරු මවක් මරදන්කේණි පොලීසිය ඊයේ (02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරදන්කේණි පොලිස් වසමේ තාලයඩි ගම්මානයේ පදිංචිව සිටින 36 හැවිරිදි මෙම කාන්තාව සිය නිවස තුළ දී දරුවා ප්‍රසූතිකර ඇත්තේ පසුගිය ජනවාරි පළමු වැනිදායි.
එහිදී ඇය එම බිළිදාව නිවසේ පිටුපසට රැගෙන ගොස් වළක් හාරා වළ දමා කිසිවක් නොවූ ආකාරයට නිවසට වී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුව, බිළිදාව වළ දැමූ ස්ථානය ඊයේ (02) දහවල් සුනඛයෙක් විසින් හාරා බිළිදු මළ සිරුර ගොඩගෙන එය ඇදගෙන යමින් තිබිය දී අසල නිවසක සිටි කාන්තාවක් මෙය දැක සුනඛයා විසින් හා පැටියෙක්ව අල්ලාගෙන යන බව සිතා සුනඛයාට ගලකින් පහර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.
එහිදී සුනඛයා විසින් බිළිදාව අතහැර දිව ගොස් ඇති බවත් සුනඛයාට පහර දී පලවා හැරිය කාන්තාව සුනඛයා විසින් අතහැර ගිය හාවා ගැන බැලීමට පැමිණිමේ දී ඒ බිළිදෙකු බව දැක පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබුණු බවත් පොලීසිය පවසනවා.
ඒ අනුව පොලීසිය මෙම බිළිදාගේ සිරුර ගැන පරීක්ෂණ පැවැත්වීමේ දී ඒ අසල නිවසක පදිංචිව සිටි කාන්තාවක් විසින් මෙම බිළිදා ප්‍රසුතිකර වළ දමා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඉන්පසුවයි සැකකාර කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පවා ඇය එය පිළිගත් බවත් ගර්භනී භාවය මාස 10ක් පුරාවට සඟවාගෙන සිට දරුවා ප්‍රසූති කළ බවත් ඇය පවසා තිබෙනවා.
ඇය මෙම බිළිදාව වළ දමා ඇත්තේ වැලි සහිත පසක බවත් එය නොගැඹුරු ලෙස වළ දමා තිබීම නිසා සුනඛයා විසින් එය ඇදගෙන ගොස් තිබෙන බවත් විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
මෙම කාන්තාව ප්‍රසූතිකර ඇත්තේ ඇගේ තෙවැනි දරුවා යි.
වැඩිමහල් දරුවා පාසලේ 10 වසරේත්, දෙවැනි දරුවා 05 වසරේත්, අධ්‍යාපනය ලබන අතර ඇය සිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත්වන බවයි පොලිසිය පවසන්නේ.
සුහස්කරන් ඉලක්කි රංජනී නැමැති මෙම කාන්තාව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…