වයස අවුරුදු 15ක දැරියක් අතුරුදන්වී ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ තෙල්දෙණිය, අඹකොටේ, කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එම දැරිය 2022.10.13 වන දින අතුරුදන්වී ඇති බවය.
දැරිය අදාළ දිනයේ පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් විසින් තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන තෙල්දෙණිය පොලීසිය පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 13 වනදා මෙම දැරිය සිය පාසලේ මිතුරියක සමග පාසලට නොගොස් මහනුවර සිට කොළඹ දක්වා දුම්රියෙන් පැමිණ ඇති බවය.
එහිදී දුම්රියේ සිටි තරුණයෙකු විසින් මෙම දරුවන් පිළිබඳව සැක සිතී දරුවන්ගෙන් තොරතුරු විමසා තිබේ.
පසුව ඒ සම්බන්ධව දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් පැමිණෙන තුරු දරුවන්ව ඔහු භාරයේ තබාගන්නා ලෙස දෙමාපියන් අදාළ තරුණයාට දන්වා ඇත.
එමෙන්ම දෙමාපියන් පැමිණෙන තෙක් ඔවුන් ගෝල්ෆේස් පිටියේ රැඳි සිට ඇති අතර එසේ සිටින අතරතුරදී මෙම දැරිය ඔවුන් මඟහැර ගොස් තිබේ.
කෙසේවෙතත් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අතුරුදන්වී ඇති දැරිය සමග සිටි අනෙක් දැරිය දෙමාපියන් වෙත එම තරුණයා විසින් භාරදී ඇති බවය.
පොලීසිය පවසන්නේ අතුරුදන් දැරිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරු අනාවරණය වී නොමැති අතර දැරිය සොයාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බවය.
අදාළ දැරිය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක හරහා දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙල්දෙණිය පොලිස්ථානය – 081 237 4073
තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂක – 071 859 1066
අතුරුදන් දැරියගේ ඡායාරූපයක් පහතින් දැක්වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…