පෝට් සිටියේ ප්‍රධාන විධායක ආගිය අතක් නෑ !

නව වසරේ පළමු වතාවට ඊයේ (05) සවස රැස්වූ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳව කාරක සභාවට හිස් අතින් රැස්වීම අවසන් කිරීමට සිදුව ඇත. ඒ ඊයේ එම කාරක සභාවට ගෙන්වූ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වූ යෝජිත රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කිරීමට එහි සාමාජිකයන් සූදානමින් නොපැමිණීම හේතුවෙන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මේ පිළිබඳව ඊයේ රාත්‍රි ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා තිබුණේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයන්ගේ ක්‍රියා කලාපය කිසිදු වෘත්තීය භාවයකින් තොර සහ උද්‍යෝගයෙන් තොර වූ බවයි.

“ මෙහි සභාපතිවරයා විදේශගත වෙලා. ඔහුට සමාව දිය හැකියි. නමුත් ප්‍රධාන විධායක නිලධාරියාත් අතුරුදහන්. ඔහු දුරකථනයෙන්වත් ඔහු ව සම්බන්ධ කර ගන්න බැරිලු. කොමිෂන් සභා සාමාජික සාලිය වික්‍රමසූරිය මහතා වරාය නගරය රැක ගැනීම වෙනුවෙන් අද දින හැකි උපරිමයෙන් ක්‍රියා කළා. නමුත් මම හිතන ආකාරයට බිලියන 1.5ක මේ ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක විය යුතුයි. එ සඳහා වරාය නගර කොමිසමත් සාර්ථකව වැඩ කළ යුතුයි. මට හිතාගන්න බැහැ තවමත් 2023 ජනවාරි වෙලත් 2021 විගණන වාර්තා ඔවුන් තවමත් සකස් කර නැහැ. “ ආචාර්ය හර්ෂ ද සිල්වා එලෙස පවසා තිබුණි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago