කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව අද (08) දිනයේදී ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති මහතා ඊයේ (07) එකඟත්වය පළ කළා.
ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් කුරුණෑගල පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණා.
මෙවැනි පසුබිමක ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද එම ස්ථායට ගොස් තිබුණා.
ජානක සේනාධිපති මහතා අදාළ ගොඩනැගිල්ල වෙනස් කිරීමට එකඟවී ඇත්තේ එම අවස්ථාවේදීයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…