මැතිවරණය ගැන UNPය තීරණය !

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.

අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට එකතුවෙලා මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අපි තීන්දුවක් අරගත්තා මීට ඉහත දිනයේ සාකච්ඡාවේදී. ඒ අනුව අපි ඒ ඒ දිස්ත්‍රික්කවල දෙපාර්ශවයේම ප්‍රධානීන් නියමුවන් ගෙනල්ලා සාකච්ඡා කරලා අලියා ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද පොහොට්ටුව ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද ඒ වාගේම පොදු ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද කියන එක සම්බන්ධවත්, එකට තරග කරන ස්ථානවලදී අපේක්ෂකයන් බෙදාගැනීමේ පදනම මොකක්ද කියන එක පිලිබඳව සාකච්ඡා කරලා එකඟතාවයන්වලට පැමිණියා. දිස්ත්‍රික් 5ක අද සිදුකළා. ඉතිරි දිස්ත්‍රික්ක ගැනත් ඉදිරි දිනවල සාකච්ඡා කරලා එවැනි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. පොදු ලාංඡනය ගැන ඉදිරියේදී පක්ෂ දෙක සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.”

Ceylon News Factory

View Comments

  • ජනතාවට මොලයක් තියෙනවා නම් දැන් හරිම ලේසියි චන්දය දිය යුත්තෙ කාටද කියලා තීරණය කරන්න,හොරු අල්ලන්න ඇවිත් හොරු හොරු එකතු උනා,අපහු ජනතාව මෝඩයෝ කරන්න මුන් හදන්නේ, ඔලුවෙන් හිතලා වැඩ කරමූ

    • අනේ මේ comment එක දකින හැම එක්කෙනෙක්ම හොදට මොලේ කල්පනා කරන්න මෙදා පාරවත්.
      මොකද අපේ අනාගතේ නැත්තටම නැති වෙලා තියෙන්නෙ. කන එකා කොහොමත් කනවා...
      නැති එකාට ඇත්තෙම නෑ.. අපේ පිං සිද්ද වෙයි.
      jVP දාන්න... අනේ අපේ අනාගතේනං කන්න එපා.
      රට යන්න සල්ලිත් නෑ... ඔලුව කල්පනා කරන්න.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago