වසන්ත මුදලිගේ ගැන හොයන්න මානව හිමිකම් කොමිසම වැලිකඩ ට !

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීම සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

එම කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධීක්ෂණ හා ඇගයුම් අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (11)දිනයේ බන්ධනාගාරය වෙත ගොස් ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

වසන්ත මුදලිගේ රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගිය අදාළ නිලධාරින් ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කර එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබේ.

ඊට අමතරව බන්ධනාගාර රැඳවියන් වෙත ලබාදෙන්නා වු ආහාර පිළිබඳ සහ එම ආහාර පාන පිළියෙල කළ ආකාරය සම්බන්ධයෙන් කොමිෂන් සභා නිලධාරින් කරුණු විමසීමක් සිදුකර ඇති අතර ආහාර සහ ඒවා පිළියෙල කරන ආකාරය වැඩි දියුණුකිරීම සඳහා ගත යුතු පියවරයන් පිළිබඳව ද අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ඉදිරියේ දී බන්ධනාගාර නිලධාරීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට ද නියමිත බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago