ගෝඨාභයගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයාගෙන් නැවත නියෝගයක් !

පසුගිය ජුලි 9 වනදා පැවති ජන අරගලය අතරතුර අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (13) කැඳවීය.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගෙන නැතැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස එහිදී පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට යළි නියෝග කරනු ලැබීය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ,

‘විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැහැ. ප්‍රකාශ ගන්න, අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න අවශ්‍ය නැහැ’ යනුවෙනි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago