පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම සිකුරාදා (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා ගොනු කළ පෙත්සමක් සිකුරාදා (13) කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සූදානම බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ගොනුකර තිබිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු එස්.තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.ජාතික මැතිවරණය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ පළාත් පාලන මැතිවරණය සැලසුම් සහගතව සිදු කරන බවයි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතීඥවරයෙකු අධිකරණයට දන්වා සිටියේ එම අයදුම්පතේ සංශෝධන කිහිපයක් සිදුකිරීමට නියමිත බවයි.මෙම පෙත්සම ජනවාරි මස 18 වැනිදා කැඳවන ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එදිනට ඊට අදාළ තවත් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව සඳහන් කරමිනි.ඒ අනුව පෙත්සම 2023 ජනවාරි 18 වැනි දින කැඳවීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…