බොරැල්ල – සර්පන්ටයින් පාර මහල් නිවාස සංකීර්ණයේ දී අද (14) අලුයම කාන්තාවක් ඝාතනයට ලක්ව තිබෙනවා.
සැමියෙකු විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ සිය බිරිඳ බවයි තොරතුරු වාර්තා වන්නේ.
අද අලුයම 1.00ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති අතර, අදාළ කාන්තාව දරුවන් තිදෙනෙකුගේ බවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
මහල් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය සිදුකළ සැමියා මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලට පැමිණ ඉන් බිමට පැන ඇති බවයි සඳහන්.
එහිදී ඔහු තුවාල ලබා ඇති අතර, පළමු මහලෙන් බිමට පැනීමට පෙර ඔහු අතක් ද කපාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
සැකකාර සැමියා මේ වනවිට රෝහල් ගතකර ඇති බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…