ගල්අඟුරු මිලදී ගැනීමට හා බලාගාරවලට අවශ්‍ය ඩීසල් ඇතුළු ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා ඉදිරි මාසවල පවතින විදුලි අර්බුදය දරුණු විය හැකි බව ලංවිම ඉංජිනේරුවෝ පවසනවා.
ඒ අනුව දැනට දිනකට කපාහරින පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව පැය හතර පහ දක්වා දීර්ඝ කිරීම හැර විකල්පයක් නොමැති බවද ඔවුන් කියයි.
කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි මෙගාවොට් 165 ක ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය නැප්තා මිලදී ගැනීමටවත් ලංවිම සතුව මුදල් නොමැති බවද ඉංජිනේරුවෝ පවසනවා.
මේ අතර ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පුවත්පත් සාකච්ඡාවක් තබමින් කියා සිටියේ පෙබරවාරි මසට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීමට පමණක් රුපියල් මිලියන 70 ක් මණ්ඩලය සතුව තිබෙන බවයි.
ඒ අනුව ලබන පෙබරවාරියට අවශ්‍ය වන ගල්අඟුරු ගෙන්වීම සඳහා රුපියල් කෝටි 3500 (බිලියන 35) අවශ්‍ය බවද ඔහු සඳහන් කළා.
බැංකුවලින් ණය ලබාගැනීමද ගැටලුවක් වී ඇති අතර මහා භාණ්ඩාගාරයද මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉංජිනේරුවෝ පවසනවා.
ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය (මෙගාවොට් 900) මගින් විදුලිය ජනනය කිරීම සඳහා ගල්අඟුරු නෞකා 12 ක් අවශ්‍ය වන අතර ඒ නෞකා මිලදී ගැනීමට මුදල් නොමැති වුවහොත් රට අඳුරට වැටෙන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…