ලෝකෙම විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් රචිත “Spare” ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට එය පත්ව ඇති බවය.
එම වාර්තාවල සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය, අමෙරිකාව සහ කැනඩාව රටවල “Spare” ග්‍රන්ථය අලෙවිය ආරම්භ කළ පළමු දින තුළ පමණක් මිලියන 1.43ක පිටපත් ප්‍රමාණයක් අලෙවි වී ඇති බවය.
මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා විසින් 2020 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ A Promised Land කෘතියටයි.
එය ප්‍රකාශයට පත්කළ දිනයේදී 887,000ක පිටපත් ප්‍රමාණයක් අලෙවී වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම ග්‍රන්ථය භාෂා 15කින් ප්‍රකාශයට පත්කර ඇති බවය. මේ අතර මම ග්‍රන්ථය තුළ ආන්දෝලනාත්මක සිද්ධි රැසක් ඇතුළත්ව තිබීමත් සමඟ ජාත්‍යන්තරයේ සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
කෙසේ වෙතත් හැරී කුමරු පසුව ප්‍රකාශ කර තිබුණේ මෙම ග්‍රන්ථය හේතුවෙන් තමන්ටත් තම පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බවය.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…