බාල වයස්කාර දැරියක දූෂණය කළේ යැයි චෝදනා ලැබූ සාරුව ලියනගේ වන්දි ඉල්ලයි !

බාල වයස්කාර දැරියක දූෂණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව පදනම් විරහිත නඩුවක් පැවරූ නීතිපතිවරයාගෙන් හා ද්වේෂ සහගතව ලැබුණු පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත, පොලිස් පරීක්‍ෂක ලක්ෂ්මන් බටුවිතානවත්ත නම් කර ඇත.

නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණය හමුවේ පවරා පසුව කොළඹ මහාධිකරණයට කැඳවූ නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය තමන්ව එකී චෝදනාවලට වරදකරු කර බරපතළ වැඩසහිත සිරදඬුවම් හා දඩ නියම කළත් තමන් ඉදිරිපත් කළඅභියාචනාව විභාග කළ අභියාචනාධිකරණය එම අධි චෝදනාවලින් පසුගිය ඔක්තෝබර් 11 වැනිදා තමන් නිදොස් කොට නිදහස් කළ බවත් පෙත්සම්කරු දිසා අධිකරණයට පවසා තිබේ.

එකී පොලිස් නිලධාරීන්ගේ හා නීතිපතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා තමන්ට වසර ගණනාවක් නිකරුණේ රක්‍ෂිත බන්ධනාගාරයේ ගතකිරීමට සිදුවීම, සිය කීර්ති නාමයට හානි සිදුවීම, දේශපාලන කටයුතුවලට සිදුවූ හානියට මෙන්ම සිය ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ කඩාවැටීම සිදුවූ බැවින් එකී වන්දි මුදල අයකර දෙන ලෙස හෙතෙම ඉල්ලා ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago