මන්ත්‍රීවරුන්ගේ දේපළවලට ගිනි තැබීමේ සිද්ධියට පොලිස්පතිට සහ ශවේන්ද්‍රට වැඩ වරදින ලකුණු !

2022 මැයි මස 9 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ දේපළවලට ගිනි තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ගොනු කරනු ලැබ ඇති පෙත්සම්වලට අදාළව පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු කිහිප දෙනෙකුට අභියාචනාධිකරණය ඊයේ (ජන. 16) නොතීසි නිකුත් කළේ ය.

ඒ, තම නිවෙස්වලට ගිනි තැබීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ත් අදාළ බලධාරීන්ගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී කිසියම් අතපසුවීමක් සිදුවී ඇතිදැයි සොයා බලන ලෙස ත් ඉල්ලා මන්ත්‍රීවරුන් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කරන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 13 දෙනෙකු නම් කර තිබිණි.

ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීරිවරුන් 39 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි.

Ceylon News Factory

View Comments

  • රටේ ජනතාවගේ 74 අවුරුද්දක් මුදල් කොල්ල කාපු දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?ඇයි මිනිස්සුන්ව තවත් අන්දන්නේ.නඩුයි බඩුයි දෙකම උන්ගේ නිසාද?

Share
Published by
Ceylon News Factory
Tags: Bandula GunawardenaChandana WickramaratneDeshbandu TennakoneGamini LokageGeneral Shavendra SilvaInspector General of PoliceJanaka Bandara ThennakonePrasanna Ranatungas.m. chandrasenashavendra silvaShehan Semasingheඑස්.එම්. චන්ද්‍රසේනගාමිණී ලොකුගේචන්දන වික්‍රමරත්නජනක බණ්ඩාර තෙන්නකෝන්ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්දේශබන්දු තෙන්නකෝන්පොලිස්පතිප්‍රසන්න රණතුංගබන්දුල ගුණවර්ධනබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වායුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වායුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාශවේන්ද්‍ර සිල්වාශවේන්ද්‍ර සිල්වා මැතිතුමාෂෙහාන් සේමසිංහහමුදාපති ශවේන්ද්‍ර සිල්වා

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago