ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇතැම් රාජකාරි කටයුතු නැවතත් ආරම්භ කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය සහ පෝෂණ වැනි අත්‍යාවශ්‍ය ක්ෂේත්රවල සේවය කිරීමට තලේබාන් බලධාරීන් කාන්තාවන්ට අවසර ලබා දීමෙන් පසුවයි.
ඒ අනුව මේ වනවිට රාජ්‍ය නොවන සංවිධාන 03 ක සේවිකාවන් රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන්ට රැකියාවල නිරත වීම තහනම් කරමින් පසුගිය මාසයේදී තලේබාන් බලධාරීන් නියෝගයක් නිකුත් කළා.
ඒ ඇතැම් සේවිකාවන්, තෙලෙබන්වරුන්ගේ නීති පද්ධතියට අනුව ඇඳුම් සහ පැළඳුම් භාවිත නොකිරීම හේතුවෙන්.
කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ සිවිල් කාන්තාවන් සහ කුඩා ළමුන් පිළිබඳ, ඇතැම් සෞඛ්‍ය හා පෝෂණ කටයුතුවලදී කාන්තාවන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය නොවන සංවිධාන තලේබාන් පාලකයින්ට පෙන්වා දී තිබුණේ.
ඒ අනුව තලේබාන් බලධාරීන් මෙම අවසරය රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…