නුවරඑළිය – නානුඔයේ දී මීට ටික වේලාවකට (20) පෙර මාරක අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ,තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ.
නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු විශාල බෑවුම් පෙදෙසෙකින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.
බස් රථයෙහි තිරිංග තද නොවීම මත, පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙක ඇති ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.
.අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වෑන් රථයේ හය දෙනා සහ ත්‍රී වීල් රථ රියදුරා බව වාර්තා වෙයි
මේ වන විට තුවාලකරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි.
බස් රථයට සහ ත්‍රිරෝද රථයට ද දැඩි හනි සිදුව ඇති අතර වෑන් රථය හැටන් කුඩාගම ප්‍රදේශයෙක් වෑන් රථයක් බව ද දැනට හඳනාගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයෙන් නව දෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…