ශ්‍රී ලංකා සවි එසැවීමේ ජාතික ශූරතාවලියේදී ක්‍රීඩකයන් දෙනෙකු තහනම් උත්තේජක භාවිතා කර තරග වැදුණේ යැයි චෝදනා ලබා තරග තහනමකට ලක් ව තිබෙනවා.
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන ෆියුරොසෙමයිඩ් (Furosemide) නම් අන්තර්ජාතික තරග බිමේ තහනම් කොට ඇති උත්තේජකය එම ක්‍රීඩකයන් දෙදෙනා එන්නත් ලෙස ලබාගෙන තරගාවලියට සහභාගී වී ඇති බවයි පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.
කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා සවි එසැවීමේ ජාතික ශූරතාවලියට පැමිණි ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතන නිලධාරීන් විසින් ක්‍රීඩකයන් අටදෙනකුගෙන් අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පල කටාර්හී පිහිටා ඇති රසායානාගාරයකදී පරික්ෂාවකට ලක්කොට මේ බව තහවුරුකොට ගෙන තිබුණා.
එම කටාර් රසායනාගාරයේ වාර්තාව අනුව ක්‍රීඩකයන් දෙනෙකුගේ මුත්‍රා සාම්පල්වල පමණක් තහනම් උත්තේජක සංඝටක ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ පිළිබඳව ක්‍රීඩකයන් දෙදෙනාට දැනුම් දී තාවකාලික තරග තහනමක් පැනවීමට ක්‍රියාකොට ඇති අතර, අනතුරුව ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය ක්‍රීඩකයන් දෙදෙනා කැඳවා මූලික පරීක්ෂණයක් සිදු කොට තිබෙන අතර එහිදී චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් දෙදෙනා වරද පිළිගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…