නානුඔය බස් රථ අනතුරේ අලුත්ම තත්වය !

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවයි නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා සඳහන් කළේ.

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේදී එම අනතුර සිදුවුණ අතර එහිදී පුද්ගලයින් 7 දෙනෙකු මිය ගියා.

බස් රථයේ ගැටුණු වෑන් රියේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර වෑන් රථයේ සිටි 05 දෙනකු එකම පවුලේ සාමාජිකයින් බව සඳහන්.

මියගිය පුද්ගලයින් අතර අවුරුදු 13 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 හා 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.

මියගිය සෙසු පුද්ගලයින් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන හැටන් සහ නානුඹය පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

බස් රථය තුළ තර්ස්ටන් විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41දෙනෙක්, ගුරුවරු සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago