බැසිල්ගෙන් ජනපතිට තර්ජන !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එහිදී පළාත් පාලන ඡන්ද විමසීම සහ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ යම් අමනාපයකින් කරුණු දක්වා ඇති බවටද වාර්තා වනවා.

එහිදී බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඔබතුමා ජනාධිපති කිරීමට සහය ලබාදීමේදී ඇති කරගත් පොරොන්දු ඉටු කිරීමට අපොසහත් වී ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මෙතෙක් කැබිනට් අමාත්‍ය ධුර ලබා නොදීම පිළිබඳ බැසිල් රාජපක්ෂ දැඩි කනස්සල්ලකින් යුතුව මෙහිදී අදහස් දක්වා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ ” මට මේ ඡන්දේ තිබ්බත් එකයි නැතත් එකයි , ආණ්ඩුව දිනුවත් එකයි පැරදුණත් එකයි. හැබැයි ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕන නම් අපි ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාත්මක කරන්න” ලෙසයි.

කෙසේ නමුත් එකවර මන්ත්‍රීවරුන් 10 දෙනෙක්ට කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් හොත් එය රට තුළ විශාල විරෝධයක් මතුවීමට ඉඩ ඇති බැවින් කඩින් කඩ ඇමතිකම් ලබාදීමට සුදානම් බවට බැසිල් රාජපක්ෂ පාර්ශවයට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවද සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයා මෙහිදී තීරණය කර ඇත්තේ, ඉතිරිව ඇති කැබිනට් ඇමැති ධුර 12න් පොදුජන පෙරමුණට 7ක් ද ඉතිරි කැබිනට් අමාත්‍ය ධුර 5 ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරුන්ට ලබාදීමට වන අතර පසුගිය සතියේ පවිත්‍රා වන්නිආරච්චිට නව අමාත්‍ය ධූරක්ද හිමි වුණා.

Ceylon News Factory

View Comments

  • නායකතුමා මහත්තයෙක් වගේ ඉවත් වෙලායන්න,ඔය හොරගුබ්බෑයමට වැටිලා,ඔබතුමා UNP කියන පක්ෂය පවා නැති කරගන්නවා.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago