මහජන උපයෝගීතා කොමිසමේ සභාපති චන්ඩි ලවා සිය සමාජිකයන්ට තර්ජනය කරලා !

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ මෙහෙයවීමෙන් එම කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහට සහ කොමිසමේ සාමාජික මොහාන් සමරනායකට පසුගිය 20 දා මැර තර්ජන එල්ල කර ඇතියි පවසන සිද්ධියක් සම්බන්ධව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයකට අනුව කොල්ලුපිටිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
කොමිසමේ මූලික එකඟතාවය බිඳ දමා විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධව කොමිසමේ සමාජිකයන් විසින් කැබිනට් මණ්ඩලයේ තිරණයට එකඟවීමට අදාලව කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව කොල්ලුපියෙියේ පිහිටි කොමිෂන් සභාවට ගිය අවස්ථාවේ දී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් එම ස්ථානයේ උද්ඝෝෂණයක් පවත්වමින් සිටි බවත් ඔවුන් මේ පිරිසට බැණ තර්ජනය කර ඇති බවත් අනාවරණය වී ඇත.

කොමිෂන් සභා කාර්යාලය ඇත්තේ කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලේ සිව්වන මහලේය. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් මෙම පිරිස කොමිෂන් සභා කාර්යාලයට ගෙන්වාගෙන ඇතැයි කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මේ පිළිබඳව පොලිසියට කටඋත්තරයක් දෙමින් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. පොලිසිය පවසන්නේ තමන්ගේ විමර්ශනවලින් ද මේ කාරණාව සනාථ වන බවය.

විශේෂ අවසරයකින් තොරව මහජන උපයෝගීතා කොමිසම පිහිටි පරිශ්‍රයට පිටස්තර පුද්ගලයින්ට ඇතුළු විය නොහැකි බව ද පොලිසිය කියයි..

සංවිධානාත්මක පිරිසක් කොමිෂන් සභා ගොඩනැගිල්ලට පැමිණ එහි සාමාජිකයින් බිය ගන්වමින් බලපෑම් කිරීම සඳහා කොමිසමේ සභාපතිවරයා කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වන බව ද පොලිසිය පවසයි.

මේ සම්බන්ධව කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

ඔහුගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් පසු අධිකරණයට කරුණු වාර්තාකර කොමිසමේ සමාජිකයින්ට තර්ජනය කළ පිරිසට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago