මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක නාදුනන කඩු කල්ලි හේතුවෙන් ජනතාවට බියෙන් ජීවත් වීමට සිදුව ඇතැයි ජනතාව පවසනවා.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ විශ්වමඩු ප්‍රදේශයන්හි මේ වන විට තියුණු ආයුධ ගත් පිරිස් සැරිසැරීම සහ එම කල්ලි සාමාජිකයින්ගේ පහරදීම් හේතුවෙන් ජනතාවට ගමනාගමනයේදී පවා බියෙන් සැකෙන් යාමට සිදුව ඇතැයිද ජනතාව පෙන්වා දෙනවා.
මේ බව පවසමින් මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව විසින් විශ්වමඩු මංසන්ධියේදී විරෝධතාවක නිරත වෙමින් පවසා සිටියේ ආරක්ෂක අංශ විසින් වහාම මෙම කඩුකල්ලි මර්ධනය කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතු බවයි.
යාපනයේද මේ වන විට කඩු කල්ලි බොහෝ කලක් පුරා ක්‍රියාත්මක වන බැවින් එලෙස මුලතිව් දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක වුවහොත් ජනතාව දැඩි අවධානමකට ලක්වන බැවින් වහාම පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී මෙම කඩුකල්ලි අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතු බවටද විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පැවසූවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…