පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම් සඳහා විදෙස්ගත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගුවන් ටිකට් පත් ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා මුදල් ලබා දීම මුදල් අමාත්‍යාංශය විසින් නතර කරනු ලැබ ඇත.
මේ බව මුදල් අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.
පවතින අර්බුදකාරී වාතාවරණය මත සියලු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවලටත් අදාළ වන බව ද එම ලිපියේ සඳහන් වෙයි.
වසර හත අඛණ්ඩව සේවය කරන ආචාර්යවරුන් සඳහා සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු හෝ පුහුණු කටයුතු වෙනුවෙන් වසරක නිවාඩුවක් හිමි වන අතර එලෙස නිවාඩු ලබා විදෙස්ගත වන ආචාර්යවරුන්ට ගුවන් ටිකට් පත ඇතුළු පහසුකම් ලබා දෙන බව ඔවුන්ගේ පත්වීම් ලිපියේ ද සඳහන් කර ඇත.
එසේ තිබිය දී එම පහසුකම් ලබා නොදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි ද ආචාර්යවරුන්ට සප්ත වාර්ෂික නිවාඩු පහසුකම හිමිවන්නේ වැඩ කළ කාලසීමාවකට හෙයින් එම කාලසීමාවකට අදාළ අයිතීන් කපා හැරීමට කිසිදු හැකියාවක් නැතැයි ද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නීති පීඨ ආචාර්යවරයෙක් කීවේය.
මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගැනීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කළේ නම් සාධනීය තැනකට ඒමට තිබූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවලට සලාක ක්‍රමයක් ඇති කිරීම, විදෙස් ගත වන ආචාර්යවරුන්ගේ පොරොත්තු ලේඛනයක් සකස් කර ඒ අනුව මූල්‍ය පහසුකම් ලබා දීම, විශ්වවිද්‍යාල මගින් මේ වන විට උපයන ආදායම්වලින් මෙම මූල්‍ය පහසුකම් ලබා දී පසුව පියවා ගැනීම වැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීමට හොඳට ම ඉඩ තිබූ බවත් සභාපතිවරයා කීවේය.
මෙම නව තීරණය හේතුවෙන් විශ්වවිද්‍යාල ‘කාන්තාර‘ බවට පත් වීම නොවැළැක්වනු හැකි බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…