අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ එහි තිබී සොයාගත් රුපියල් ලක්ෂ 170කට අධික මුදල සම්බන්ධ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පිළිබඳව අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත්වරයා අද (25)පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කළේය.
එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි.
මේ අතර වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා මහජනතාවගෙන් දිවුරුම් පෙත්සම් 10,000ක් සඳහා අත්සන් ලබා ගැනීම අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වී තිබුණි.
වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්වී මෙය සංවිධාන කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…